නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ මෙරටදී භූමදානය කිරීම අද ආරම්භ කෙරුණා. ඒ, මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ තෝරාගත් ස්ථානයකදීයි. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා.
අද දිනයේ පළමුව භූමදානය කර ඇත්තේ මඩකලපුව කෝට්ටමුණේ ප්‍රදේශයේ පදිංචිව සිටි, මීට දින 20 කට පමණ පෙර මියගිය ඉස්ලාමීය වයෝවෘද්ධ කාන්තාවකගේ දේහයක්. එම කාන්තාවගේ දේහය මේ දක්වා මඩකලපුව ආරයන්පති දිසා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here