Thursday, April 18, 2024

General line - 0115112241

කොවිඩ් පාලනයට එරෙහිවන්නන්ට අලුතින් දැඩි නීති




කොවිඩ් 19 වසංගත තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට බාධා කරන පුද්ගලයින්ට එරෙහිව අවශ්‍ය වුවහොත් නීතිය ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. කොවිඩ් මෘතදේහ භූමදානය සම්බන්ධයෙන් රජය කටයුතු කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ උපදෙස්වලට අනුව බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ. 

කොවිඩ් -19 ආසාදිතව මිය ගිය තවත් පුද්ගලයින් හත්දෙනෙකුගේ දේහ මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේදී භූමදානය කර තිබෙනවා. ඒ අනුව ඊයේ දිනය තුළ එම ස්ථානයේ භූමදානය කර ඇති කොවිඩ් මල සිරුරු සංඛ්‍යාව 9ක්.