Thursday, March 28, 2024

General line - 0115112241

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වෙයි : තවත් 140 කට PCR පරීක්ෂණ 

රංජිත් රාජපක්ෂ - හැටන් 




ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් 10 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය අසාදනය වි ඇති බවත් එම අසාදිතයින් මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කර ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු තහවුරු කර සිටිනවා.

එම ජල විදුලි බලාගාරයේ සේවකයින් තිදෙනෙකුට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා එම ජල විදුලි බලාගාරයේ සෙසු සේවකයින් ඊයේ දින ඇන්ටිජන් පරික්ෂාවකට ලක් කල බවත් එහිදි සේවකයින් 07 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවයි එම නිලධාරියා කියා සිටියේ.

එම අසාදිතයින් හමුවිමත් සමග ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ තවත් සෙවකයින් 140 දෙනෙකු PCR පරික්ෂණයකට භාජනය කර එම සේවකයින් ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ සේවක නිල නිවාස තුලදීම ස්වයං නිරෝධායනයට යොමු කල බව ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියා.