Thursday, April 25, 2024

General line - 0115112241

වාර්තා පොත් අතරට ගිය තිසරගේ පන්දු යැවීම




පන්දුවාර 20 - 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක පන්දුවාර 02 ක් හෝ ඊට වඩා ක්‍රියාත්මක කළ ක්‍රීඩකයන් අතරින් පන්දු වාරයකට වැඩිම ලකුණු සාමාන්‍යයක් ලබාදුන් ක්‍රීඩකයා බවට තිසර පෙරේරා අද පත්වුණා. මීට පෙර එම අමිහිරි වාර්තාවට හිමිකම් කිවේ ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින්. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද පැවැති තරගයේ තිසර පෙරේරා  එක් පන්දු වාරයකට ලබා දුන් ලකුණු සාමාන්‍යයක් 21ක්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවන පන්දුවාර 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 43ක ජයක් හිමිවුණා. තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවි ලකුණු 160ක් රැස් කළා. ලකුණු 161ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමට පන්දු වාර 18යි පන්දු 04 අවසානයේ සියළු දෙනා දැවී රැස් කර ගත හැකිවූයේ ලකුණු සංඛ්‍යාව 117ක් පමණයි.

දක්ෂ පන්දු යැවීමක නිතරවූ වනිදු හසරංග හා ලක්ෂාන් සඳකැන් කඩුලු 03 බැගින් දවා ගත්තා. දුෂ්මන්ත චමීර කඩුලු 02ක්ද අකිල ධනංජය එක් කඩුල්ලක්ද දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවා.