Thursday, April 25, 2024

General line - 0115112241

වැලි කැණීමටත්, මිල පාලනයටත් රාජ්‍ය මැදිහත් වීමක්




රටපුරා සිදුවන වැලි ජාවාරම් මැඩලීමටත් වැලි මිල පාලනය කිරීමටත් මැදිහත් වීමට රජය තීරණය කර තිබෙනවා. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ ජනාධිපති කාර්යය සාධක බලකායේ නිර්දේශ මත මෙම තීරණය ගත් බවයි.

මේ වෙනුවෙන් නියමු ව්‍යාපෘති 06ක්ද ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. වැලි විකිණීම් සඳහා අලුතින් ස්ථාන බිහි කිරීමටත් වැලි ගොඩ දැමීම සඳහා නව ක්‍රමවේදයක් හදුන්වා දීමටත් තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවිර වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර ගංගා ආශ්‍රිතව වැලි සමීක්ෂණයක් හා ජලය ආශ්‍රිත විද්‍යුත් සමීක්ෂණයක් සිදුකිරීමට පරිසර අමාත්‍යාංශය ඉකුත්දා තීරණය කළා. ඒ, ගංගාවල සිදුවිය හැකි හානිය සොයාබැලීමේ අරමුණින්. මීට පෙර වැලි සමීක්ෂණයක් සහ ජලය ආශ්‍රිතව විද්‍යුත් සමීක්ෂණයක් සිදුකර ඇත්තේ 2019 වර්ෂයේදීයි. කෙසේවෙතත් වර්තමානය වන විට ගංගාවල වැලි කැනීම් ඉහළ ගොස් ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ. ඒ අනුව කැලණි, මහවැලි, නිල්වලා, ගිං සහ කළු ගංගා ආශ්‍රිතව එම සමීක්ෂණය සිදුකරනු ඇති.