Saturday, April 20, 2024

General line - 0115112241

22 වන ගුවන් පාපැදි සවාරිය හෙට ඇරඹේ 




70 වන ගුවන් හමුදා සංවත්සරයට සමගාමිව 22 වෙනි ගුවන් හමුදා පාපැදි සවාරිය හෙට ආරම්භ වනවා. පිරිමි තරගය කොළඹ සිට කුලියාපිටිය හරහා කටුනායක දක්වා කිලෝමීටර් 149ක දුරක් ද කාන්තා තරගය එකළ සිට පන්නල හරහා මිගමුව දක්වා කිලෝමීටර් 78ක දුරක් ධාවනය කිරීමට නියමිතව ඇති බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ.

මෙම තරගාවලියේ නිල මාධ්‍ය අනුග්‍රාහකයින් ලෙස නෙත් එෆ්එම් නාලිකාව සහ ශ්‍රී ලංකා රූපවාහිනීය කටයුතු කරනු ලැබේ.

මෙම තරගාවලියේ නිල අනුග්‍රාහකයින් ලෙස පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, මයි කෝලා කටයුතු කරයි.