Thursday, April 25, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්




පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ, කුරුණෑගල, ගිරිබාව ප්‍රදේශයේ අද පැවැති ”ගම සමඟ පිළිසඳර” වැඩසටහනට එක් වෙමින්. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලේ අගරදගුරු පදවිය විසින් හෙට දිනය කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබියදීයී.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ජනතාව අමතමින් අද ප්‍රකාශ කලේ කියා සිටියේ, ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් ඇතැම් දේශපාලනඥයින් වාසි අපේක්ෂාවෙන් විවිධ ප්‍රයෝජන ගැනීමට උත්සහ දරන බවයි. අප්‍රේල් 21 සිදුවූ ඛේදවාචකයට හිටපු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පමණක් නොව සමස්ථ රජයම වගකිව යුතු බවත් මෙම සිද්ධියට වත්මන් රජය වගකිව යුතුයි යනුවෙන් නගන අභූත චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කලා. 

ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කලේ පාස්කු ප්‍රහාරයට වගකිවයුක්තන් සම්බන්ධයෙන් මෙම වාර්තාව තුල සඳහන්ව ඇති බවයි. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණේ ”ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ 13 වන අදියරයි. 
මේ අතර “ගම සමග පිළිසඳරට” සමගාමීව “දැයට එළිය” වැඩසටහන ද අද පෙරවරුවේ ජනාධිපතවරයාගෙ අතින් ගිරිබාව, වේරගල ගම්මානයේ දී ආරම්භ කෙරුණා. ඒ, විදුලිබල පහසුකම් නොමැති සියලුම ග්‍රාමීය නිවාසවලට විදුලිය ලබා දීමේ අරමුණින්.        
“දැයට එළිය” මෙම වැඩසටහන මගින් විදුලිය නොමැති සමෘද්ධිලාභී සහ සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින සියලුම අඩු අදායම්ලාභි ජනතාවට විදුලිය සැපයෙනු ඇති. ඒ අනුව විදුලිබල මණ්ඩලය නොමිලයේ විදුලි සබඳතාව ලබා දෙන බවයි විදුලි බල අමාත්‍යාංශය සඳහන් කලේ. 

විදුලි සබඳතාව ලබා ගැනීමට අවශ්‍ය නිවසේ කටයුතු සිදුකිරීම සඳහා සමෘද්ධි බැංකුව සහන පොලියට ණය පහසුකම් සැපයීමට ද නියමිතයි. ඒ අනුව මෙම වසර අවසන් වීමට පෙර හඳුනාගත් සියලු නිවාසවලට විදුල සැපයුම හිමිවනු ඇති.