Friday, April 19, 2024

General line - 0115112241

කොවිඩ් එන්නතට කප්පම් ගත් සෞඛ්‍ය සේවකයෙකු අල්ලයි




කොවිඩ් මර්දනය සඳහා මේ වන විට ලබා දෙන ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම සඳහා රුපියල් 1000ක අල්ලස් ගත් පුද්ගලයෙකු මරදාන පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. ඔහු, කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකට අනුයුක්තව සේවය කරන කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස කටයුතු අයෙක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසූවේ මරදානේ කොවිඩ් මර්දන එන්නත ලබාදෙන ස්ථානය ආසන්න ප්‍රදේශකයදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත පැවසුවේ මේ වන විට පුද්ලගයින් ලක්ෂ 07කට වැඩි පිරිසකට එන්නත ලබා දී ඇති බවයි.

පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ කොවිඩ් මර්දනය ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම සඳහා යම් පුද්ගලයෙකු මුදල් ලබාදෙන ලෙස ඉල්ලා ඇත්නම් ඒ පිළිබඳ පොලීසියට පැමිණිළි කරන ලෙසයි.