Thursday, April 25, 2024

General line - 0115112241

ගුවන් හමුදා පා පැදි සවාරියේ කාන්තා තරග අංශය නිම වෙයි




22 වන ගුවන් හමුදා පා පැදි සවාරියේ කාන්තා තරග අංශය මීට නොබෝ වේලාවකට පෙර අවසන් වුණා. මෙවර කාන්තා අංශයේ ජය හිමිවූයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවටයි. යුද්ධ හමුදාව නියෝජනය කරන උදේශානි නිරංජනී, තරගය ඉතා පහසුවෙන් ජය ගත්තා. කෙසේවෙතත් 02 වන සහ තුන්වන ස්ථාන හිමිවූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවටයි. ඒ අනුව පංචාලි සුලෝචනා, 02 වන ස්ථානයටත්, දිනේෂා දිල්රුක්ෂි 03 වන ස්ථානයටත් පත්වුණා.

මේ අතර මෙවර ගුවන් හමුදා පා පැදි සවාරියේ පිරිමි අංශයේ තරගය මේවනවිටත් ඉතා උණුසුම් අයුරින් ක්‍රියාත්මක වනවා.