Thursday, March 28, 2024

General line - 0115112241

කොළඹ කොරෝනා ආසාදිතයින් 50 ට අඩුවෙයි




මෙරටින් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමයෙන් පහළ යමින් තිබෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත සසඳා බැලීමේදී පෙනී යන්නේ ඉකුත් පෙබරවාරි 28 වනදා සිට ගතවූ සතිය තුළ කිසිඳු දිනෙක දෛනික කොවිඩ් අසාදිතයින් සංඛ්‍යාව 390 සීමාව ඉක්මවා ගොස් නොමැති බවයි. 

ගතවූ දින 03 සැසඳීමේදී ඉකුත් 04 වනදා ආසාදිතයින් 384 ක්ද, ඉකුත් 05 වනදා ආසාදිතයින් 350 ක්ද, ඊයේ දිනයේ ආසාදිතයින් 376 දෙනෙකු ලෙස ද දෛනික ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. කෙසේවෙතත්, ඉකුත් 05 වනදා සිදුකර තිබුණේ ඡක්‍ඍ පරීක්ෂණ 7,366 ක් පමණයි. ඊයේ දිනයේ සිදුකර තිබුණේ ඡක්‍ඍ පරීක්ෂණ 8,343 ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවා. 

මේ අතර ගතවූ පැය 24 දත්ත පරීක්ෂා කිරිමේදී දැකගත හැකි ප්‍රධාන කාරණය වන්නේ කොළඹ දෛනික ආසාදිතයින් 49 ක් දක්වා අඩුවී තිබීමයි. ඉන් 31 දෙනෙකුම වාර්තා වන්නේ පිළියන්දලින්. ගම්පහ දෛනික ආසාදිතයින් 83 ක්ද, රත්නපුරයේ දෛනික ආසාදිතයින් 55 ක්ද ලෙස වාර්තා වී තිබෙනවා. විදේශයන්හි සිටි පැමිණි පිරිස අතරින් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනා ගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.