Friday, April 19, 2024

General line - 0115112241

ගුවන් හමුදා පාපැදි සවාරියේ පිරිමි අංශයේ ශූරතාව වරාය අධිකාරියට




22 වන ගුවන් හමුදා පාපැදි සවාරියේ පිරිමි අංශයේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය අද සමත් වුණා. තරගයේ පළමු ස්ථානය හිමිවූයේ වරාය අධිකාරියේ සොනාල් ද සිල්වාටයි. දෙවන ස්ථානය වරාය අධිකාරියේම චමෝද් ද සිල්වාට හිමිවුණා. 03 වන ස්ථානය දිනා ගත්තේ නාවික හමුදාවේ ප්‍රභාත් මධුශංකයි.

පැය 03 යි විනාඩි 20 කට අධික කාලයක් පැවැති පිරිමි අංශයේ සමස්ථ දුර ප්‍රමාණය කිලෝ මීටර් 148 ක්. තරගය සඳහා තරගකරුවන් 196 දෙනෙකු එක්ව සිටියා.