Saturday, April 20, 2024

General line - 0115112241

කළු ඉරිදාවෙන් ආණ්ඩුවට රතු එළියක්




පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කිරීම කඩිනමින් සිදුවිය යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ කියා සිටියේ අවංක විමර්ශනයක් සිදුකිරීම සඳහා රජය මීට වඩා කැපවීමෙන් කටයුතු කළ යුතු බවයි. 

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ එක් පිරිසක් පමණක් තෝරා ගෙන ඔවුන්ට දඬුවම් පැමිණවීම සුදුසු නොවන බවයි කාදිනල් හිමිපාණන් පවසන්නේ. 

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම අදහස් පළ කළේ අද පැවැති කළු ඉරිදා විරෝධතාවයට සමගාමීව කොචිචිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතාවට එක්වෙමින්. 

උදෑසන දිව්‍ය පූජාවෙන් පසු දිවයින පුරා කතෝලික දේවස්ථානවල අද පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වුණේ පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින්. අද දින කතෝලික දේවස්ථානවලට පැමිණි බැතිමතුන් කළු ඇඳුමින් සැරසී සිටිනු ද දැකගත හැකිවුණා.