Thursday, March 28, 2024

General line - 0115112241

දැන් භූමදානය කරන සිරුරු මෙතෙක් තිබූ තැන හෙලි වෙයි

ජව්ෆර් ඛාන්




කොරෝනා වෛරසය ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ මෙතෙක් ශීතාගාර තුළ රඳවා ගෙන තිබූ දේහයන් 24 ක් මේවනවිට භුමදානය කර ඇතැයි යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා ද වන යුද්ධ හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ මෙම සියලු මෘත දේහයන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතියට යටත්ව ශීතාගාර තුළ රඳවාගෙන තිබූ ඒවා බවයි. 

කොරෝනා ආසාදනය වීමෙන්  මියගිය පුද්ගලයින් 17 දෙනෙකුගේ දේහයන්  මේවනවිට මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේදී භුමදානය කර තිබෙනවා. ප්‍රදේශයේ  හදිසි මරණ පරික්ෂක එම් එස් එම් නසීර් පැවසුවේ ඉකුත් සිකුරාදා දිනයේ  නැගෙනහිර පළාතේ පදිංචිකරුවන් 9 දෙනකුගේ දේහයන් භූමදානය කළ බවයි. නිට්ටඹුව ප්‍රදේශයේ සිව්දෙනෙකු, අනුරාධපුර හා තිහාරිය යන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙකු හා නාරංගොඩ මෙන්ම කොළඹ පදිංචිකරුවකු ද ඊයේ දිනයේදී භූමදානය කර තිබෙනවා.