Thursday, April 25, 2024

General line - 0115112241

දිස්ත්‍රික්ක 12කට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්




දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි වැඩිම අවදානම ඇත්තේ දිස්ත්‍රික්ක 12 කටයි.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, කුරුණෑගල, නුවරඑළිය, බදුල්ල, මහනුවර, කෑගල්ල, පුත්තලම හා රත්නපුර එම දිස්ත්‍රික්ක වනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක පැවසුවේ ඇතැම් ප්‍රදේශවලට ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් ද පවතින බවයි.