Thursday, April 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට ඉතිහාසගත වීමට අවස්ථාවක්




ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන 03 වන සහ අවසන් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය හෙට අලුයම ආරම්භ වනවා. මෙම තරගය ජය ගන්නා කණ්ඩායමට මෙම තරගාවලියේ ජය හිමිවනු ඇති. ඒ, මෙතෙක් පැවැති තරග 02 දෙපිළම එක් තරගය බැගින් ජයගෙන තිබීම හේතුවෙන්.

ශ්‍රී ලංකා පිළ හෙට තරගය ජයගත හොත් ඔවුන් ජාත්‍යන්තර පන්දුවාර 20 යි 20 තරගාවලියක් ජය ගන්නේ 2019 වසරෙන් පසු පළමු වරටයි. ශ්‍රී ලංකාව අවසන් වරට ජයගත්තේ පකිස්තානයට එරෙහි පන්දුවාර 20 යි 20 තරගාවලියයි. කොදෙව් ශ්‍රී ලංකා අවසන් පන්දුවාර 20 යි 20 තරගය හෙට අලුයම 03 යි 30 ට ආරම්භ වනවා.