Friday, March 29, 2024

General line - 0115112241

එන්නත්කරණයට දේශපාලන බලපෑම් තවත් වැඩිවෙයි




මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා සකස් කළ ප්‍රමුඛතා ලැයිස්තුවට පිටින් එන්නත් කර ගැනීම සඳහා විවිධ බලපෑම් එල්ල වෙමින් ඇතැයි මෙරට කොරෝනා මර්ධන මෙහෙයුම්වල නිරත ප්‍රධාන නිලධාරියෙකු පවසනවා. ඔහු කියා සිටියේ ඒ අතරින් දේශපාලන බලපෑම් ප්‍රධාන බවයි. 

ඇතැම් අමාත්‍යවරුන් සිය පවුලේ සාමාජිකයින්ට එන්නත් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් ඇති බව ද ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියා. ඇතැම් නගරාධිපතිවරුන් ද තමන්ට හිතවත් කණ්ඩායම්වල නාමලේඛණයක් පවා සකස් කර ඔවුන්ට එන්නත් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරන තත්ත්වයට මේවනවිට පත්ව ඇති බවයි අනාවරණ කෙරුණේ. ඇතැම් පිරිස් කොළඹ ප්‍රදේශයේ අවදානම් කලාපවල පදිංචිකරුවන් බව හගවමින් එන්නත් ලබාගැනීමට උත්සහ දරන බව ද මෙම උසස් නිලධාරියා නෙත් නිවුස් වෙත කියා සිටියා. 

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහනේ ප්‍රමුඛතා ලැයිස්තුවට බාධා එල්ල වෙමින් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් නෙත් නිවුස් කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගෙන් විමසීමක් කළා. 

එන්නත්කරණ ප්‍රමුඛතා ලැයිස්තුවට අනුව වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින්ට පළමුව එන්නත් ලබාදී අවසන් කළ යුතු බවට නිර්දේශයක් ද ඇතුළත්. එසේනම් වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින්ට එන්නත් ලබාදී අවසන්වීමටත් පෙර වයස අවුරුදු 30 ට වැඩි සෑම පුද්ගලයෙකුටම එන්නත් ලබාදීමට තීරණය කෙරුණේ මන්දැයි නෙත් නිවුස් මෙහිදී රාජ්‍ය අමාත්‍යවරියගෙන් විමසීමක් කළා. 

ඊයේ වනවිට මෙරට පුද්ගලයින් ලක්ෂ 07 කට අධික පිරිසකට එන්නත් කර අවසන් කර තිබුණා.