Thursday, April 25, 2024

General line - 0115112241

අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ටිපර් රථයක ගැටෙයි




අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ටිපර් රථයක ගැටිමෙන් යතුරුපැදිකරු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කළ බව හැටන් පොලිසිය පවසනවා.

ඊයේ (07) දින උදැසන 11 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් දික්ඔය නගරයේ බවයි අප වාර්තාකරු පැවසුවේ.

හැටන් සිට දික්ඔය දක්වා අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් නොර්වුඩ් සිට හැටන් කුඩාගම දක්වා ධාවනය වු ටිපර් රථයක ගැටි මෙම අනතුර සිදුව තිබෙනවා.

යතුරුපැදිය අධික වේගයෙන් ධාවනය වු නිසා යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකිව යතුරුපැදිය ඉදිරියට ධාවනය වෙමින් තිබු ටිපර් රථයේ ගැටි මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරේ.