Friday, March 29, 2024

General line - 0115112241

නිරෝධායන රීති කැඩූ තවත් 14 දෙනෙකු අත්අඩංගුවට




මුව ආවරණ නොපැළඳීම හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම ඇතුළුව නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඉකුත් ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුලදී නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 3,324 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය වන අයුරින් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව ද පොලීසිය සඳහන් කළා.