Friday, April 26, 2024

General line - 0115112241

සාධාරණයක් ඉටුවන තුරු එළඹෙන සෑම ඉරිදා දිනයක්ම කළු ඉරිදා දිනයක් වෙයි




පාස්කු ප්‍රහාරය සඳහා සාධාරණයක් ඉටුවන තුරු එළඹෙන සෑම ඉරිදා දිනයක්ම කළු ඉරිදා දිනයක් ලෙස සලකන බව අගරදගුරු මණ්ඩලය අවධාරණය කරනවා.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති වින්ස්ටන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන් නෙත් නිවුස් වෙත පැවසුවේ පාස්කු ප්‍රහාරයට වසර දෙකක් ගතවීමට ආසන්න වී ඇති අවස්ථාවේ වින්දිතයින් වෙනුවෙන් සාධාරණයක් ඉටුවිය යුතු බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගන්නා තීරණ පිළිබඳ වතිකානය ද අවදානයෙන් සිටින බවයි ඉතාලියේ නෙවිල් ජෝ පියතුමන් සඳහන් කළේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 2කට ආසන්න වී ඇතත් මෙතෙක් විධිමත්ව යුක්තිය ඉටුවීමක් සිදුව නොමැති බවට පවසමින් කිතුනු බැතිමතුන් ඊයේ කළු ඉරිදාවක් ප්‍රකාශයට පත් කර තිබුණා.

ඒ අනුව දිවයින පුරා දේවස්ථානවල ඊයේ පැවැති දේව මෙහෙයට සහභාගි වීම සඳහා කිතුණු බැතිමතුන් පැමිණ සිටියේ ජනතාව කළු ඇඳුමින් සැරසීමෙන්.  

මේ අතර පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක පැවසුවේ.