Friday, March 29, 2024

General line - 0115112241

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම්




බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

ඒ, දෛනිකව සිදුවන රිය අනතුරුවල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමගයි.

ඊයේ දිනය වනවිට ගත වූ පැය 24 තුළ පමණක් සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

සාමාන්‍යයෙන් මෙරට රිය අනතුරු බහුලව සිදුවන්නේ දෙසැම්බර් 20 හා ජනවාරි 05 අතර කාලයේදී සහ අප්‍රේල් 10 හා අප්‍රේල් 20 අතර කාලයේයී.  

ඒ අනුව එළඹෙන අළුත් අවුරුදු සමය ද සැලකිල්ලට ගනිමින් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටයි පොලීසිය තීරණය කර ඇත්තේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ, බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා සෑම පොලිස් ස්ථානයකටම අමතර උපකරණ ලබා දීමට කටයුතු කර ඇති බවයි.

මේ අතර, බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා රාත්‍රී සමාජ ශාලා අසල විශේෂ මෙහෙයුමක් ද පොලීසිය විසින් මේවනවිටත් ආරම්භ කර තිබෙනවා.