Friday, April 19, 2024

General line - 0115112241

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීම සඳහා යෝජනාවක්




ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීම සඳහා ඒ සම්බන්ධ යෝජනාවක් ගෑස් සමාගම් විසින් ඉදිරිපත් කර තිබෙනවා.

 ලෝක වෙළඳපලේ ගෑස් මිල විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් ගෑස් සමාගම් මෙම යෝජනාව රජයට ඉදිරිපත් කළ බවයි ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේ එච් වෑගපිටිය නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල තීරණය කිරීමේ බලය පාරිභෝගික කටයුතු අධිකාරිය සතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ගෑස් මිල වැඩිකිරීමේ යෝජනාව සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ද අවදානය යොමුවනු ඇති බවයි වාර්තා වන්නේ.