Thursday, March 28, 2024

General line - 0115112241

ජගත් කාන්තා දිනයදා පකිස්තානයේ කාන්තාවන් නගර රැසකදී විරෝධතාවල




ජගත් කාන්තා දිනය යෙදෙන අද පකිස්තානයේ කාන්තා ක්‍රියාකාරිනියන් එරට ප්‍රධාන නගර රැසකදී විරෝධතාවල නිරත වී තිබේ.

ඒ එරට කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනයවීම්වලට එරෙහිව  සහ ඒවා වැළැක්වීමට රජය නිසි පියවර නොගන්න බවට චෝදනා කරමින්.

තමන්ගේ ඉල්ලීම පිලිබද සැලකිලිමත්වීම වෙනුවට ඇතැම් දේශපාලඥයන් තමන්ගේ විරෝධතා ව්‍යාපාරය කඩකප්පල් කිරීමට කටයුතු කරන බවට  මෙම උද්ඝෝෂණය සංවිධානය කළ කාන්තාවන් චෝදනා කරන බව පකිස්තාන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දැඩි ආගමික නීති සහ භාවිතයන් හේතුවෙන් තම අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව චෝදනා කරමින් ඕරත් මාච් නමින් පකිස්තාන කාන්තා ක්‍රියාකාරිකයන් සෑම වසරකම මාර්තු අටවනදාට යෙදෙන ජගත් කාන්තා දිනයදා උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කරයි.