Saturday, April 20, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙකු බන්ධනාගාර අධිකාරිවරයෙකුට අල්ලස් දිමට තැත් කරයි - ජේලර්වරයෙකුගේ වැඩ තහනම්




පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවෙකු සහ තවත් දෙදෙනෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරිවරයාට අල්ලස් මුදලක් ලබාදීමට දැරූ උත්සහයක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඔවුන් බන්ධනාගාරයේ අධිකාරිවරයාට රුපියල් ලක්ෂ 05 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදීමට උත්සහ කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ඉජාස් අහමඩ් නමැත්තා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු මෙලෙස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරිවරයාට අල්ලස් මුලදක් ලබාදීමට තැත් කර තිබෙනවා. 

මෙම ක්‍රියාවට අතරමැදියෙකු ලෙස ක්‍රියාකළ ජේලර්වරයෙකුගේ වැඩ තහනම් කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ.