Friday, April 19, 2024

General line - 0115112241

දිස්ත්‍රික් කිහිපයකට අද රාත්‍රියේ වැසි




බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ යන පළාත්වල ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ මිලි මීටර් 75 ඉක්මවූ තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අපේක්ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීරගෙන්. 

මේ අතර නිට්ටඹුව පස්සර ප්‍රදේශයේදී අද පස්වරුවේ ගසක් කඩා වැටීමෙන් නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ල වුණා.