Friday, April 19, 2024

General line - 0115112241

අමාත්‍ය මණ්ඩලයෙන් යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් ගෑස් සමාගම් බලා සිටියි




ගෑස් මිල ඉහළ දැමීම සඳහා රජයට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සුබවාදී ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි ගෑස් සමාගම් අපේක්ෂා කරනවා. ලෝක වෙළඳපලේ ගෑස් මිල විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් ගෑස් සමාගම් ද අර්බුදයට ලක්ව ඇති බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති අනිල් කොස්වත්ත සඳහන් කළේ.

කිලෝ ග්‍රෑම් 12 යි දශම 5 ක ගෑස් සිලින්ඩරයක් ඉන්දියාවේ අලෙවි වන්නේ ද රුපියල් 2,000 කට අධික මුදලකටයි. මෙරට ගෑස් සමාගම්වල පාඩුව අවම කරමින් පාරිභෝගිකයාට ද සාධාරණ මිලක් රජය විසින් නියම කරනු ඇති බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති අනිල් කොස්වත්ත සඳහන් කළේ. 

මේ අතර ගෑස් සමාගම් මුහුණ පා ඇති අර්බුදය සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේ එච් වෑගපිටිය ද නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.