Friday, March 29, 2024

General line - 0115112241

අශෝක් අබේසිංහට CIDයෙන් කැඳවීමක්




පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. ඔහු ඉකුත් දා ප්‍රකාශ කර තිබුණේ පාස්කු ප්‍රහාරයට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සම්බන්ධ බවටයි.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැමිණිල්ලක් ද ගොනු කළා. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදිමට අද දිනයේ පැමිණෙන ලෙස අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයාට දැනුම් දුන්න ද ඔහු නොපැමිණි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ. 

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග ද අද අදහස් පළ කළා. 

පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ අධ්‍යයනය කිරීමට පත් කළ අමාත්‍ය කමිටුවේ වාර්තාව ලබන 15 වනදා ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවයි එම කමිටුවේ සාමාජික අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ.