Thursday, April 18, 2024

General line - 0115112241

හදට ඇහුණු නිහඬ හඬ




ඔබට පාරේ යන වාහන ශබ්ද ඇසෙන්නේය. හිසට ඉහලින් ඉගිලෙන කුරුල්ලෙකුගේ හඬ ඇසෙන්නේය. ඔබට සියුම් හඬවල් ඇසෙන්නේය. නමුත් මේ ලෝකයේ ජීවත් විමේ අයිතිය ලැබුවත් කිසිදු හඬක් නොඇසෙන, සදාකාලික නිිිහඬත්වයේ ජීවත්වන අය සම්බන්ධයෙන් ඔබට ඇත්තේ කුමන ආකාරයේ හැඟීමක් ද?

ඔබ කවදාක හෝ ඔවුන් සම්බන්ධයෙන් සිතීමට හෝ ඔවුන්ගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සිතුවේද? මොහොතකට  එක වතාවක් ඔවුන්ගේ පැත්තෙන් සිතා බලන්න, ඔබට මෙලොව හඬවල් නෑසි ගියා නම් කෙසේද?  එවිට ඔබට ඔබගේ ආදරණියන්ගේ හඬ අසන්නට නොහැකිය. ඔබට මහ පාරෙදි අනතුරක් විමට යන විට කෑ ගසන හඬ ඇසෙන්නේ නැත.

ඔබට කුරුල්ලන්ගේ මිහිරි ගැයුම් ඇසෙන්නේ නැතිය. ඔබ කැමතිම ගීත රස විඳින්නට නොහැකිය. නමුත් ස්වභාවිකව සිදුවන මෙවැනි තත්ව තුළින් බිහිවන විශේෂ අවශ්‍යතා සහිත වූවන් හට සමාජය මගින් ප්‍රතිචාර දක්වනු ලබන්නේ ඔවුන් මානසික වශයෙන් පීඩනයට පත්කරමින්, ඔවුන් සමාජයෙන් කොන් කරමිනි.  

"මගේ යාළුවන් කියන දේවල් ඉස්සර මට හරියට ඇහුනේ නැ. ඉතින් මං ඒවාට දක්වන්නේ වැරදි ප්‍රතිචාර නිසා බොහෝ වෙලාවල්වල එයාලා මාව විහිලුවට ගත්තා. ඇත්තටම මං මගේ තරුණ කාලය ගොඩක්ම මානසිකව ඇද වැටිලා තමයි හිටයෙ.........

" මං පොඩි කාල් ඉදන් හරිම සතුටින් තමයි ජීවත් වුණේ. ඒත් මට ඇහෙන්නේ නෑ කියලා තේරුනේ අවුරුදු දහයෙදි විතර. ඇත්තටම මං ගොඩක් බය වුනා ලොකු වෙනකොට මට ප්‍රශ්නයක් වෙයි කියලා .මං සෑහෙන කාලයක් හිතින් දුක් වුනා.....

"මට ඇහෙන්නේ නෑ කියන එක නිසා මං සමාජයෙන් කොන්වුනා. ඒ නිසාම මම විහින්ම මාව හුදෙකලා කරන්න යොමුවුණා..... මේ මෙලොව හඬ ඇසීමට වරම් නොලැබූවන්ගේ හද කම්පා කරනා හඬයි.  

නමුත් මෙම දුබල හඬට ශක්තියක් වෙමින්, ඔවුනගේ ජීවිතයට නව අපේක්ෂාවන් ඒක් කරමින් රත්මලානේ පිහිටි ඕඩියෝලොජි සෙන්ටර්  විසින්  මේ සියලු ශ්‍රවණාශ්‍රිත  ගැටළු නිසා පීඩා විඳින සියලු දෙනා වෙනුවෙන් ඔවුන්ගෙ උපරිම කැපවිම දායකත්වය දැක්විමට යොමු වී ඇත.

මෙම ආයතනය වෙත පැමිණෙන ඔබට ඔබගේ ගැටළුව සම්බන්ධයෙන් විශේෂ‍්ඥ උපදෙස් මාර්ගයෙන් පූර්ණ අවබෝධයක් ලබාගත හැකි අතර, එහිදී නවීන තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ඔබගේ ගැටළුව සාර්ථක අයුරින් නිරාකරණය කර ගැනීමේ අවස්ථාව නිර්මාණය වේ.

මෙම ආයතනය වෙත හා බිහිරි විද්‍යාලය වෙත පළමුව පැමිණෙන සිසුන්ගේ හෝ අනෙකුත් අයගේ පළමුව සිදුකරනු ලබන්නේ ඔවුන්ගේ ශ්‍රවණ පරාසය පරීක්ෂා කර එම තත්වය මැන ගැනිමයි. මින් අනතුරුව අවශ්‍යතාවය අනුව ශ්‍රවණාධාරක උපකරණ භාවිත කරමින් ඔවුන් වෙත කථන පුහුණු චික්ත්සක කාර්යයන් සිදුකරනා අතර, එවැනි අවශ්‍යතාවයක් නොමැති අය සඳහා කථන භාෂා චිකිත්සනය ලබාදීම මගින් ඔවුන්ගේ කථන හැකියාව වර්ධනය කිරිම මේ අයතනයේ ප්‍රධානම වගකිමයි.

ඉහළම තාක්ෂණයෙන් යුතු ශ්‍රවණාධාරක උපකරණ, කථන හැකියාවන් වර්ධනය කිරීමේ ක්‍රම, සහ විශේෂ අධ්‍යාපනික සේවා ඔස්සේ එකිනෙකා කෙරෙහි වෙනමම විශේෂ අවධානයක් යොමු කරමින් පුද්ගලික මට්ටමේ ප්‍රකාර කිරීමේ කාර්යයක යොමු වී ඇති මෙම ආයතනය, ශ්‍රවණාබාධිත අයගේ මානසික තත්ත්වය උසස් මට්ටමට ගෙන ඒම වෙනුවෙන් සුවිශේෂී කාර්යයක් සිදු කරනු ලැබූ ආයතනයකි.

නිරන්තරව සමාජීයි අවශ්‍යතාවයන් වෙනුවෙන් මැදිහත් වෙමින් එම අවශ්‍යතාවයන් ක්ෂණිකව ඉටු කිරීමට කැපවෙන ඩයලොග් පදනම, මෙවැනි විශේෂ අවශ්‍යතා සහිත වූවන් හට සිය අවශ්‍යතාවය අවැසිම මොහොතක ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් රත්මලාන අඳ බිහිරි විද්‍යාලයේ සහයෝගයෙන් 2007 වසරේදි මෙම ආයතනය ක්‍රියාත්මක කිරීමට යොමුවීම වර්තමාන වන විට මෙම ගැටළුවෙන් පීඩාවට පත් අපේම සහෝදර සහෝදරියන් බොහොමයක් සිය බාධාවන් මගහරවා ගනිමින් සාර්ථක අයුරින් නැවත දිවි ගමන දියත් කිරීමට විසල් පිටුබලක් ලැබීම පැසසිය යුතු කරුණකි.