Wednesday, April 24, 2024

General line - 0115112241

කොදෙව් - ශ්‍රී ලංකා පළමු එක්දින ගැටුම අද




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය ඇන්ටිගෝවාහිදී අද පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් ආරම්භ වන්නේ රාත්‍රී 7 ටයි. මෙම එක්දින ක්‍රිකට් තරගාවලියට තරග 3 ක් ඇතුළත් වනවා. අද තරගයේදී දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර කිරන් පොලාඩ් කොදෙව් කණ්ඩායමට නායකත්වය ලබාදෙනවා.

දෙරට අතර අවසන් වරට පැවති  එක්දින තරග 5 ජය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. 2008 වසරෙන් පසු ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට කොදෙව් කණ්ඩායම සමත් වී නැහැ. ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ දක්වා එක්දින තරග 60 ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 29 ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් අතර කොදෙව් කණ්ඩායම තරග 28 ක් ජය ගත්තා.

කොදෙව් දේශයේදී කොදෙව් කණ්ඩායමට එරෙහිව මේ දක්වා එක්දින තරග 11 කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා පිල ඉන් තරග 5 ක් ජයගැනීමට සමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට එක්දින ශ්‍රේණිගත කිරීම් සටහනේ පසුවන්නේ 8 වන ස්ථානයේයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එම සටහනේ 9 වන ස්ථානයේ පසු වනවා.