ඉකුත් කාල සීමාවේදී සීනි ආනයනික බද්ද අඩු කිරීම තුළින් රජය අපේක්ෂා කළේ පාරිභෝගිකයාට සහනයක් සැලසීම බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා. එහෙත් කරුණු කිහිපයක් හේතුවෙන් එහි සම්පූර්ණ වාසිය පාරිභෝගිකයාට නොලැබුණු බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
මෙරට සීනි අවශ්‍යතාව මාසිකව ගණනය කර ආනයනය සඳහා ඉඩ ලබාදුන්නේ නම් මෙතරම් බදු ආදායමක් අහිමි නොවනු ඇත‘ බව ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මෙහිදී කියා සිටියා.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here