Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් අතින්, ජයග්‍රහණයේ සතුට තවත් ඈතට යයි




ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක් දින තරගයෙන් කඩුලු 05ක ජයක් අත් කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ නියමිත පන්දුවාර 50දී කඩුලු 08ක් දැවී ලකුණු 273ක් රැස් කළා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 96ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 71කයි. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගයේ වේගවත් පිතිහරඹයක නිරත වූ වනිදු හසරංග පන්දු 35කදී 06 පහර 04ක් සමග ලකුණු 47ක් රැස් කළා. 

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ කොදෙව් පිළ පන්දුවාර 49යි පන්දු 04ක් අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසුකර ගියා. විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ එවින් ලෙවිස් ලකුණු 103ක් රැස් කළ අතර ශායි හෝප් ලකුණු 84යි ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ගොඩනැගූ ලකුණු 192ක සබඳතාව හේතුවෙන් කොදෙව් පිළට සිය ජයග්‍රහණය පහසු වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් නුවන් ප්‍රදීප් සහ තිසර පෙරේරා කඩුලු දෙක බැගින් බිඳ හෙලුවා. 
ඒ අනුව තරග තුනකින් සමන් විත ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියද දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට කොදෙව්වන් සමත් වුණා.