Saturday, April 20, 2024

General line - 0115112241

පළමු T20 තරගයේදී ඉන්දියාව අන්ත පරාජයක්




සිය මව් රටේදීම පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයක අමිහිරි පරාජයකට මුහුණු දීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායමට සිදු වුණා. ඒ, එංගලන්ත කණ්ඩායමට එරෙහි පළමු පන්දුවාර විස්ස තරගයේදීයි. එහිදී ඉන්දීය කණ්ඩායම පරාජයට පත්වුණේ කඩුලු 08කින්.

ඉන්දියාවේ අහමදාබාද් හි පැවති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 07කට රැස්කර ගත හැකි වුයේ ලකුණු 124ක් පමණයි. ශිකර් ධවාන් ලකුණු 04කටත්, කේ එල් රාහුල් එක් ලකුණකටත්, විරාට් කෝලි ලකුණු බින්දුවකටත් දැවී යාමත් සමග ඉන්දීය ඉණිම කඩා වැටුණා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම කඩුලු දෙකක් පමණක් දැවී තිබියදී 16වන පන්දුවාරයේදී තරගයේ ජය ගැනීමට සමත් වුණා.  ඉන්දීය - එංගලන්ත පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියට තරග 05ක් ඇතුළත්.