Friday, March 29, 2024

General line - 0115112241

වොලිබෝලයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ඉතිහාසගත වෙයි




ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම වසර ගණනක් රැකගත් මංචි  ජාතික වොලිබෝල් ශූරතාව යුධ හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම විසින්තමන් සතු කර ගත්තා. ඒ, ඉතිහාසයේ පළමු වරට මෙවර එහි ශූරතාව දිනා ගනිමින්. තරග පැවැත්වුණේ මහරගම තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී.

ජාතික වොලිබෝල් ශූරතාවලියක අවසන් මහා තරගයට පවා යුධ හමුදා කණ්ඩායම කාන්තා වොලිබෝල් කණ්ඩායම සුදුසුකම් ලබන්නේ වසර 3කට පසුවයි. එහිදී ප්‍රබල ගුවන් හමුදා පිල වට 3 ට 1 ලෙස පරාජය කරමින් මෙවර ශූරතාව දිනා ගැනිමට ඔවුන් සමත්වීම විශේෂත්වයක්.

මේ අතර සුපර් ලීග් වොලිබෝල් තරග මාලාවේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සමත්වුණා. ඒ, අවසන් මහා තරගයේදී වට 3ට 1ක් ලෙස බිටුලින්ක් ගිරිඋල්ල කණ්ඩායම පරාජය කරමින්.