Friday, March 29, 2024

General line - 0115112241

ක්‍රිකට් ලෝකයේ අවධානය දිනා ගත් තරඟ 03ක් එකම දිනයක




ලෝක ක්‍රිකට් පිටියේ කාගේත් අවධානය දිනා ගත් ප්‍රධාන තරග තුනක් අද පැවැත්වෙනවා. ඉන් දෙකකටම සහභාගී වන්නේ ශ්‍රී ලංකාවයි. ඒ අනුව ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් අවසන් එක්දින තරගය අද පැවැත් වෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් එය ආරම්භ වන්නේ රාත්‍රී 07ටයි. තරග තුනකින් සමන්විත තරගාවලිය දෙකට බිංදුවක් ලෙස දැනටමත් කොදෙව් පිළ ජය ගෙන අවසන්. තරගාවලියේ ගෞරවය රැක ගැනීමට මෙම තරගය ජය ගැනීම ශ්‍රී ලංකා පිලට වැදගත්වනවා. 

මේ වන විට කාගේත් අවධානය දිනා ගෙන ඇති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන අවසන් තරගය අද පැවැත්වෙනවා. ඒ, එංගලන්ත කණ්ඩායම සමගයි. ශ්‍රී ලංකා පිල මෙතෙක් සහභාගී වූ තරග 05න් 04ක් ජයගෙන දැනටමත් මීලග වටයට සුදුසුකම් ලබා අවසන්.

මේ අතර ඉන්දිය - එංගලන්ත පන්දුවාර 20 තරගාවලියේ දෙවන තරගයද අද පැවැත්වීමට නියමිතයි. පලමු තරගයෙන් ඉන්දියාව පරදා එංගලන්තය ජය ගත්තා.