Friday, March 29, 2024

General line - 0115112241

අතීතයේ තිබූ සාමූහික හැඟීම වර්තමානයට ගෙන ආවොත් අපට නැවත ලෝක කුසලාන ජයක් ලබන්න පුළුවන් - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ




අතීතයේ තිබූ සාමූහික හැඟීම වර්තාමනයට ගෙන ඒමට හැකිවුවහොත් අපට නැවත ක්‍රිකට් ලෝක කුසලාන ජයක් ලබාගැනීමට හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 25ක් සපිරීම නිමිත්තෙන් එම ක්‍රිකට් විරුවන් ඇගයිම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී අද පැවති සැමරුම් උත්සවයට එක්වෙමින්.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අග්‍රාමාත්‍යවරයා.

1996 ලෝක කුසලානය දිනාගත් අවස්ථාවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පිරිනැමූ පදක්කම් මෙතරම් කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තිබූ අතර එම පදක්කම් එම ක්‍රීඩකයින්ට යළි ලබාදීම ද මෙහිදී සිදු කෙරුණා.