Friday, March 29, 2024

General line - 0115112241

සම්මානනීය රංගන ශිල්පී විජය නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි




සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා මියයන විට 72වන වියේ පසුවූවා. ඒ මහතාගේ දේහය මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

විජේ අයියා සහ සුදු මල්ලී වැනි කෙටි නම්වලින් ද විජය නන්දසිරි මහතා හඳුන්වනු ලැබුවා. මනමේ, සිංහබාහු, මහාසාර, තාරවෝ ඉගිලෙති , රත්නාවලී ඔහුගේ වේදිකා නාට්‍ය දිවියේ කැපී පෙනෙන රංගන ප්‍රතිභාව ප්‍රදර්ශනය කළ නිර්මාණ කිහිපයක්.

සුභ සහ යස , වෘෂභ රාජ , බල්ලොත් එක්ක බැහැ , අලුත් හොරෙක් ඕනෑ කර තිබේ වැනි නිර්මාන වලට ද විජය නන්දසිරි මහතා දායක වුණා. නෑදෑයෝ චිත‍්‍රපටයෙන් රිදී තිරයටද පිවිසි විජය නන්දසිරි මහතා මෑත කාලයේදී සිකුරු හතේ, සර් ලාස්ට් චාන්ස්, කිංග් හන්තර්, සුහද කොකා වැනි චිත‍්‍රපටවලින් වඩාත් ජනප‍්‍රසාදයට පත්වුණා.

නෝනාවරුනි මහත්වරුනි, යර්ස් බොස් සහ එතුමා, විජය නන්දසිරි මහතාගේ රංගන ප‍්‍රතිභාවන් විදහා දැක්වූ ටෙලිනාට්‍යවලින් කිහිපයක්. සංකීර්ණ චරිතාංග රංගන ශිල්පියෙකු මෙන්ම හාස්‍ය රංගනයෙන් ද කුසලතා ප‍්‍රදර්ශනය කළ විජය නන්දසිරි මහතා අවස්ථා කිහිපයකදී නිවේදකයෙකු ලෙසද රසික සිත් දිනාගෙන තිබෙනවා.