Thursday, March 28, 2024

General line - 0115112241

බලාපොරොත්තු දැල්වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අද අවසන් තරග බිමේ




රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ඉන්දීය සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර අද පැවැත්වීමට නියමිතයි. ඒ, මුම්බායි නුවරදීයි. මෙවර තරගාවලියේ මේ වසරේ පැවති සියලු තරග ශ්‍රී ලංකාව ජයගත්තා. ශ්‍රී ලංකාව පරාජයට පත් වූ එකම තරගය වුයේ ඉකුත් වසරේ පැවති ඉන්දියාවට එරෙහි මූලික වටයේ තරගයයි. 

මෙවර තරගාවලියේදී ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, බංලාදේශය සහ  බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් පරාජයට පත් කරමින්  ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. ඒ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය ලබා ගනිමින්. එහි පළමු ස්ථානයේ රැදී සිටින්නේ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමයි.

ශ්‍රී ලංකා කණ්ඩායමක් ජාත්‍යන්තර තලයේ තරගාවලියක මෙලෙස අවසන් මහ තරගයකට සුදුසුකම් ලැබුවේ 2014 වසරෙන් පසු පළමු වරටයි.