Thursday, April 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව ඉන්දියාවටත් වඩා සතුටින්




ලෝකයේ සතුටින් සිටින රටවල් අතර 129 වන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා. ඒ, ඉකුත් වසරට සාපේක්ෂව එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින්. ජාත්‍යන්තර සතුටු දිනය ඊයේ දිනයට යෙදී තිබු අතර ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේද අනුග්‍රහයෙන් ලෝකයේ සතුටින් සිටින රටවල් සම්බන්ධයෙන් වාර්ෂිකව සමීක්ෂණ වාර්තාවක් සකස් කෙරෙනවා.

ඉකුත් වසරේ 130වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙවර ලැයිස්තුවේ 129 වන ස්ථානයට පැමිණෙද්දී ඉන්දියාව පසුවන්නේ 139වන ස්ථානයේයි.

ලොව වඩාත්ම සතුටින් සිටින රට බවට මෙවර පත්ව ඇත්තේ ෆින්ලන්තයයි. ඩෙන්මාකය එහි දෙවන ස්ථානයේත්, ස්වට්ස්ර්ලන්තය තුන්වන ස්ථානයේ පසුවනවා. නවතම සටහනේ පළමු රටවල් 10න් 09ක්ම යුරෝපා රටවල් වන අතර ඉන් බාහිර එකම රට වන්නේ නවසීලන්තයයි. ආසියාතික රටවල් අතරින් ඉදිරියෙන් සිටින්නේ සිංගප්පූරුවයි ඔවුන් 32 වන ස්ථානයේ පසුවනවා. 

2018 වසරේ සිට 2020 දක්වා කාලය තුළ රටවල් 149ක සමාජ තත්ත්වයන් පුද්ගලික නිදහස සහ දළ දේශීය නිෂ්පාදනය ඇතුලු කරුණු රැසක් පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. මෙම නවතම ලැයිස්තුවට අනුව ලොව අසතුටුම රට වන්නේ ඇෆ්ගනිස්ථානයයි.