Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - ඉන්දියා ලෙජන්ඩ්ස් අවසන් ගැටුම තව නොබෝ වේලාවකින්




රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ඉන්දියාවේ මුම්බායි නුවරදී තව නොබෝ වේලාවකින් ආරම්භ වනවා. ඒ, ඉන්දීය සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතරයි. 2014 වසරෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමක් ජාත්‍යන්තර තලයේ තරගාවලියක අවසන් මහ තරගයකට සුදුසුකම් ලැබු පළමු අවස්ථාව මෙයයි. 

මෙවර තරගාවලියේ ඉහල දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකා කි්‍රීඩකයින් කිහිප දෙනෙකුම සිටීම අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාවට විශේෂ වාසියක් වනු ඇති. තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ අංක 01 සහ 03 හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවේ තිලකරත්න දිල්ශාන් සහ උපුල් තරංගටයි. වැඩිම කඩුලු ලාභීන් අතර පළමු ස්ථානය තිලකරත්න දිල්ශාන්ටත් පස්වන ස්ථානය නුවන් කුලසේකරටත් 07වන ස්ථානය රංගන හේරත්ටත් හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨ පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගද අද තරගයට එක්වන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට සුභ පැතුම් එක් කළා.

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. 

මේ අතර ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයද තවත් නොබෝ වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.