Friday, April 19, 2024

General line - 0115112241

අමෙරිකාවේ සුපිරි වෙළෙදසැලකට ප්‍රහාරයක් : පුද්ගලයින් 10ක් ජිවිතක්ෂයට (PHOTOS)




අමෙරිකාවේ, කොළරාඩෝ ප්‍රාන්තයේ පිහිටි වෙළෙඳසැලක සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් 09 දෙනාගේ අනන්‍යතාවය මේ දක්වා හෙළිකර නොමැත.

තුවක්කුකරුගේ ප්‍රහාරය එල්ල වෙමින් තිබියදී පළමුවෙන් ප්‍රතිචාර දැක්වූ 51ක් හැවිරිදි පොලිස් නිලධාරියෙකු තුවක්කුරුගේ ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්ව ඇත. 

මෙම ප්‍රහාරය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ අනන්‍යතාවය හෝ ප්‍රහාරයට හේතුව මේ දක්වා තහවුරු වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

පුද්ගලයින් 08 දෙනෙකුට මරු කැඳවමින් ඇට්ලන්ටා ප්‍රාන්තයෙන් වාර්තා වී සතියක් ගතවීමට මත්තෙන් තවත් පුද්ගලයින් 10 දෙනෙකු මරණයට පත් කරමින් කොළරාඩෝ ප්‍රාන්තයෙන් ප්‍රහාරය වාර්තා වුවා.