Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයත් කෝප් කමිටුව හමුවට කැදවයි




ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැදවා තිබෙනවා. අප්‍රේල් මස 23 වැනිදා කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙසයි එම කමිටුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන්ට දන්වා ඇත්තේ.

මේ අතර ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් යළිත් වරටක් කෝප් කමිටුව හමුවට කැදවා තිබෙනවා.  අප්‍රේල් මස 6 වැනිදා කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙසයි එම කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට දන්වා ඇත්තේ. 

මීට පෙර ඉකුත් පෙබරවාරි මස 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව වෙත කැදවා තිබුණද එහි නිලධාරීන් නිසි සූදානමිකින් තොරව පැමිණීම හේතුවෙන් එම රැස්වීම අතරමග අත්හිටුවනු ලැබුවා. ඒ

 යළිත් මසකින් කෝප් කමිටුටව හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට දන්වමින්.