Saturday, April 20, 2024

General line - 0115112241

අනධ්‍යයන සේවක සටන අවසන්




සති දෙකකට ආසන්න කාලයක් සිදු කෙරුණු සිය වැඩවර්ජනය අද (08) අවසන් කළ බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමය පවසනවා.

ඔවුන් ඒ බව පැවසුවේ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවකට කොළඹදී අද සහභාගී වෙමින්.

වැඩවර්ජනයේදී ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට අදාළ විසඳුම් අමාත්‍යවරයා විසින් වෘත්තීය සමිති වෙත ලිඛිතව ලබාදීමද මෙහිදී සිදු වුණා.