Wednesday, April 24, 2024

General line - 0115112241

අභිමානවත් 25 වෙනි සුමති සම්මාන උළෙලට ඩයලොග් අනුග්‍රාහක සවිබලය




අභිමානවත් 25 වෙනි සුමති සම්මාන උළෙලට ඩයලොග් අනුග්‍රාහක සවිබලය ශ්‍රී ලාංකීය රූපවාහිනී ක්ෂේත්‍රයේ කලා නිර්මාණ වාර්ෂිකව ඇගයීමට ලක් කෙරෙමින් පැවැත්වෙන  "පුංචි තිරයේ මහා කලා මංගල්‍යය"යනුවෙන් රටම හඳුනන සුමති සම්මාන උළෙලේ 25 වෙනි සම්මාන ප්‍රදානෝත්සවය මාර්තු 26 වෙනිදා ප.ව 7.00 ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව පවතී.

රටේම ආදරය, ආකර්ෂණය සහ ගෞරවාදරය දිනාගැනීමට සමත් වූ මෙම උත්කර්ෂවත් සම්මාන උළෙලට නිල අනුග්‍රාහකත්වය ලබාදීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ඉදිරිපත්ව සිටීයි.

ගෝලීය වසංගත තත්වය හේතුවෙන් ඉකුත් වසරේදී දින නියමයක් නොමැතිව කල්දැමුණු මෙම සම්මාන උළෙල මෙවර කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කරමින් පැවැත්වීමට සංවිධායක කමිටුව කටයුතු යොදා තිබේ.

විශිෂ්ට සහ ජනප්‍රිය යන ප්‍රධාන කාණ්ඩ 2 යටතේ සම්මාන පිරිනැමෙන සුමති සම්මාන උළෙලේ වඩාත්ම කතාබහට ලක්වන, ඉහළම ප්‍රේක්ෂක ආකර්ෂණය හිමිවූ සම්මාන වන වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නළුවා, වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය සහ වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය යන සම්මානවලට අමතරව හොඳම ටෙලිනාට්‍ය නළුවා, හොඳම ටෙලිනාට්‍ය නිළිය, හොඳම සහාය නළුවා, හොඳම සහාය නිළිය ඇතුළු ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ තවත් සම්මාන රැසක් මෙන්ම රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ට නිර්මාණයන් වූ වැඩසටහන්, රූපවාහිනී නිවේදනය, ප්‍රවෘත්ති වාර්තාකරණය, ප්‍රවෘත්ති නිවේදනය, වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රය වැනි පුළුල් විෂය ක්ෂේත්‍ර ඔස්සේ සම්මාන 60 කට වැඩි සංඛ්‍යාවකින් නිර්මාණ ඇගයීමට ලක්කෙරේ. සුමති සම්මාන මොබයිල්
ඇප් හරහා විදෙස් රටවල සිටින ප්‍රේක්ෂකයන්ට ජනප්‍රිය කාණ්ඩ සඳහා තම මනාපය පළ කිරීමේ අවස්ථාවද මෙවර ලබාදී තිබූ අතර, මනාප ප්‍රතිඵල සහ සම්මාන උළෙල පිළිබඳ සියලු තොරතුරු “Sumathi Awards Facebook” පිටුවෙන් සහ www.sumathiawrds.lk ඔස්සේ දනගැනීමට හැකිය. 25 වෙනි සුමති සම්මාන උළෙල, මාර්තු 26 වෙනිදා Sumathi Awards Facebook පිටුව ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්ථාවද ප්‍රේක්ෂකයන්ට හිමිව තිබේ. එහි නැවත විකාශය මාර්තු 27 වෙනිදා රාත්‍රී 10.30 සිට ජාතික රූපවාහිනිය ඔස්සේද නැරඹිය හැක.

මෙරට කලා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් සිය නොමඳ දායකත්වය ලබාදෙන ඩයලොග් ආයතනය,  ගීත නිර්මාණ ශිල්පීන්ගෙන් සැදුම්ලත් ‘ඔස්කා’ සංවිධානය සමඟ එක්ව වාර්ෂිකව ‘ඩයලොග් රිද්ම රැයක්’ ප‍්‍රසංගය ඉදිරිපත් කරනු ලබන අතර, ශ්‍රී ලාංකීය සිනමාවේ දිදුලන තාරකාවන්ට ශක්තියක් වෙමින් සිනෙස්ටර් පදනම සමඟ එක්ව අඛණ්ඩව වසර 6 ක් පුරාවට "ඩයලොග් රිදී රැයක් "; ප්‍රසංගයට සිය අනුග්‍රාහක දායකත්වය ලබාදීමට කටයුතු කර ඇත.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී - සන්නාම හා මාධ්‍ය - හර්ෂ සමරනායක මහතා විසින් සුමති ටෙලි සම්මාන් උළෙලේ නිර්මාතෘ තිලංග සුමතිපාල මහතා වෙත අනුග්‍රාහකත්වය නිල වශයෙන් පිරිනැමූ අවස්ථාව.