Friday, April 19, 2024

General line - 0115112241

සූවස් ඇළේ නෞකා ගමන් තාවකාලිකව අත්හිටුවයි




ලොව කාර්ය බහුලතම නෞකා ගමන් මාර්ගයක් වන සූවස් ඇළේ නෞකා ගමනා ගමනය අත්හිටුවා තිබෙනවා. ඒ, සූවස් ඇළේ සිරවී ඇති ටොන් ලක්‍ෂ දෙකක පමණ බරකින් යුත් ‘එම් වී එවර් ගිවන්’ බහාලුම් ප්‍රවාහන නෞකාව ඉවත් කිරීමට මේ දක්වා නොහැකිවීම හේතුවෙන්.

දිගින් අඩි 1,312 ක් සහ පළල අඩි 175 ක් වන නෞකාව වැලි කුණාටුවකට හසුව ඉදිරි දර්ශන පථය අවහිරවීම හේතුවෙන් සූවස් ඇළේ ඉවුරක ගැටී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මේ හේතුවෙන් එම ඇළ මාර්ගයේ නෞකා සිය ගණනක් සිරවී ඇති බවද විදෙස් වාර්තා අනාවරණ කළා.

සිරවී ඇති නෞකාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට සති කිහිපයක් ගත වනු ඇති බවයි එම නෞකාව අයත් සමාගම ප්‍රකාශ කර ඇත්තේ. ඊට හේතුවී ඇත්තේ නෞකාව ඉවත් කර ගැනීම සදහා ඒ තුළ ඇති බහලුම් විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට සිදුවීමයි. මේ හේතුවෙන් සූවස් ඇළට සියළුම නෞකා ඇතුළුවීම අත්හිටුවීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.