Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - කොදෙව් පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පැරදුමකින් තොරව අවසන් වුණා. සිය දෙවන ඉනිමේදී ලකුණු 375 ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගය නිමාවට පත්වන විට කඩුළු 4 ක් දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 236 ක්. කොදෙව් දෙවන ඉනිම ශක්තිමත් කළ නකෘමා බොනර් නොදැවී ලකුණු 113 ක් රැස් කළා. 

පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළේ ලකුණු 169 ක් පමණයි. කොදෙව් කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 271ක්. පිතිකරුවන් යළි දක්‍ෂතා දැක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිමේදී ලකුණු 476 ක් රැස් කළා. සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ යොවුන් පිතිකරු පැතුම් නිශ්ශංක ශතකයක් රැස් කිරීමට සමත් වුණා. මෙම තරගය පැවැත්වුණේ ඇන්ටිගුවාහි සර් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදීයි. දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 29 වනදා ආරම්වීමට නියමිතයි.