Thursday, April 18, 2024

General line - 0115112241

46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා සහ පිරිමි මැරතන් තරගය ඇරඹෙයි




46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා සහ පිරිමි මැරතන් තරග කතරගම නගරය කේන්ද්‍ර කර ගනිමින් අද පෙරවරුවේ පැවැත්වුණා.

එහි පිරිමි තරගය ජය ගත්තේ මධ්‍යම පළාත නියෝජනය කළ එම්. සිවරාජන් ක්‍රීඩකයායි.  

බස්නාහිර පළාතේ ජී.කේ.කේ.එස්.ටී. ගුණසේකර දෙවන ස්ථානය හිමිකර ගත් අතර 3 වන ස්ථානය හිමිකර ගත්තේ වයඹ පළාතේ ඩබ්.එම්.එස්.කුමාර ක්‍රීඩකයායි.

මැරතන් කාන්තා තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වුණේ මධ්‍යම පළාතේ ඩබ්.ඊ.එල්.වී.ක්‍රිශාන්තනී ක්‍රීඩිකාවයි.

මධ්‍යම පළාතේ එච්.එම්.ඩබ්.ජී.ඩබ්.එම්.හේරත් ක්‍රීඩිකාව එම ඉසව්වේ 2 වන ස්ථානයත් සබරගමුව පළාතේ එල්.එස්.ඩී.ලියනගේ ක්‍රීඩිකාව 3 වන ස්ථානයත් හිමිකර ගත්තා.