Wednesday, April 17, 2024

General line - 0115112241

චමින්ද වාස් යළි ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු තනතුරට




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා පවසනවා. එම පත් කිරීම ඉදිරි දින කිහිපයේදී සිදුකරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කියාසිටියේ.

චමින්ද වාස් මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණු උපදේශක ලෙස කටයුතු කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය ආසන්නයේදී ඔහු එම තනතුරෙන් ඉවත්වීම මහත් ආන්දෝලනයක් ඇති කළ අතර ඊට හේතුවී තිබුණේ ගෙවීම් පිළිබද ගැටළුවක්.