Saturday, April 20, 2024

General line - 0115112241

බංග්ලාදේශ නිදහස් සැමරුමට පැමිණි මෝදිට එරෙහිව විරෝධතා




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරයකට විරෝධය පා බංග්ලාදේශයේ ප්‍රබල විරෝධතා මාලාවක් ක්‍රියාත්මක වනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දෙදින සංචාරයක් සදහා බංග්ලාදේශයට පැමිණ ඇත්තේ අදට යෙදී ඇති බංග්ලාදේශයේ නිදහස් දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයෙකු ලෙසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ පැමිණීමට විරෝධය පළ කරමින් බංග්ලාදේශ වැසියන් ක්‍රියාත්මක කළ විරෝධතා විසුරුවා හැරීමට පොලීසිය කදුලු ගෑස් හා රබර් උන්ඩ එල්ල කර ඇතැයි විදෙස් වාර්තා පැවසුවා. 

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සහය පළ කරමින් පැවති විරෝධතා වැළැක්වීමට තවත් පිරිසක් උත්සහ දරා ඇති අතර එහිදී එම පිරිස හා විරෝධතා කරුවන් අතර ගැටුමක් ද හටගෙන තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සහය පලකල පිරිස බංග්ලාදේශයේ පාලක පක්ෂය වන අවාමි ලීගයේ අධාරකරුවන් බවයි පැවසෙන්නේ.

ගැටුම් අතරතුර තුවාල ලැබු පුද්ගලයින්  40 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්. බංග්ලාදේශයේ ජාතික නිදහස් උත්සවය සදහා හින්දු ආගමික රාජ්‍ය නායකයෙකු පැමිණීම සහ ඔහුට ආරාධනා කිරීම සම්බන්ධයෙන් රජයට විරෝධය පල කිරීම සදහා මෙම විරෝධතා ක්‍රියාත්මකයි.

බංග්ලාදේශයේ 50 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් දින 10 ක් පුරා එරට උත්සව සංවිධාන කර තිබෙනවා.