Thursday, March 28, 2024

General line - 0115112241

රෝඩ් සේෆ්ටි කුසලානය දිනු නායක සචීන්ට කොරෝනා ආසාදනය වෙයි : ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය සිඝ්‍රයෙන් ඉහළට




හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් තෙන්ඩුල්කාර් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර සිටියේ තමන්ට ඇතිවූ මද අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදුකළ පරික්ෂා කිරීමේදී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි.

තමන් දැනට වෛද්‍ය උපදෙස් අනුව නිවෙස් නිරෝධායනයේ පසුවන බවත් නිවසේ අනෙකුත් අයට වෛරසය ආසාදනය වී නොමැති බවටද සචින් තෙන්ඩුල්කාර් සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

පසුදා අවසන් වූ රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙහෙයවුයේ ද සචින් තෙන්ඩුල්කාර්ය.

මේ අතර ගතවූ පැය 24ක කාලය තුලදී ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයින් 62,258ක් වාර්තා වී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ එරට තුල කොවිඩ් ව්‍යාප්තිය යලි සිඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින සොභාවයක් දක්නට ලැබෙන බවයි.