Friday, March 29, 2024

General line - 0115112241

සූවස් ඇලේ අර්බුදයෙන් නැව් 240ක් මුහුද මැද සිරවෙයි




ලොව වඩාත්ම කාර්ය බහුල නාවික වෙළද මාර්ගය වන ඊජිප්තුව ආශ්‍රීත සූවස් ඇලේ දැවැන්ත නෞකාවක් සිරවීමත් සමග හට ගත් අර්බුදය මේ වන විට තවත් උත්සන්න වී තිබෙනවා. ඒ නෞකාව එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කටයුතු අතිශය දුෂ්කර වීම හේතුවෙන්. සූවස් ඇල හරහා සිරවී ඇති මෙම දැවැන්ත නෞකාව නිවැරදි දිශානතියට ගැනීමට නම් නෞකාව සිරවී ඇති වැලි තට්ටු ඉවත් කළ යුතුයි ආසන්න වශයෙන් වැලි කියුබ් අඩි හත් ලක්ෂ 6,000ක් එහිදි ඉවත් කිරීමට සිදුවනු ඇති බවයි සූවස් ඇලේ බලධාරින් පවසන්නේ. ඒ සඳහා නෞකාවේ ඇති බහලුම්වලින් කොටසක් ඉවත් කළ යුතු වනවා.

පැනමා රාජ්‍යයේ ධඡය සහිතව යාත්‍රා කරමින් තිබු එවග්‍රීන් නම් වූ මෙම නෞකාව තුළ අඩංගු බහලුම් ප්‍රමාණය 20,000ක්. එහි සම්පූර්ණ බර ටොන් දෙලක්ෂ 24,000ක් වනවා. එහි බහලුම් ප්‍රමාණයක් ඉවත්කර හෝ නෞකාව යථා තත්ත්වයට ගැනීමට නම් සැලකිය යුතු දින ගණක් ගතවනු ඇති බවටයි මේ වන විටත් වාර්තා පල වී ඇත්තේ. නෞකාව සූවස් ඇල හරහා යාත්‍රා කරමින් තිබියදී ඉකුත්දා මෙම නෞකාව සිරවීමට ලක්වූයේ වැලි කුණාටුවක් හේතුවෙන් මතුවූ කාර්මික දෝෂයක් හේතුවෙන්.

නවතම විදෙස් මාධ්‍යයන්ට අනුව මේ වන විට සූවස් ඇල හරහා යත්‍රා කරමින් තිබූ නෞකා 237ක් මුහුදු මැද නැංගුරම් ලා තිබෙනවා. ඉන් 107ක් රතු මුහුදේත්, 89ක් මධ්‍යධරනී මුහුදේත්, තවත් 41 සූවස් ඇල ආසන්නයේත් මැද නැංගුරම් ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.