Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට එරෙහි වූ තවත් ඉන්දීය තරුවකට කොවිඩ්




ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක යුසුෆ් පතාන්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ, ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී පැය 24ක් ගතවීමටත් පෙරයි. ඒ අනුව ඉකුත්දා පැවති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස් ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කොරෝනා වෛරසය ආසාදනය වු දෙවන ක්‍රීඩකායා වන්නේ යුසුෆ් පතාන්. ඔහු පවසන්නේ තමන් මේ වන විට නිවෙස් නිරෝධායනයේ සිටින බවයි. 

සචින් ටෙන්ඩුල්කාර් හා යුසුෆ් පතාන් අවසන් වරට සහභාගී වුයේ රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස් තරගාවලියටයි. එහිදී ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම එම තරගාවලියේ ශුරතාවය දිනා ගත්තේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අවසන් මහා තරගයේදී පරාජයට පත් කරමින්. 

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මේ වන විට රට තුල කොවිඩ් ව්‍යාප්තිය යලි සිඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බවයි.